සිරියාවේ ඇලෙප්පෝ නගරයේ යුද්ධයෙන් හානියට පත් ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා දරුවන් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීට පෙර කැරලි හමුදා පාලනයේ පැවති සල්හෙඩීන් ප්‍රදේශයේදී කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල නිසා ජීවිතය බේරාගැනීමට සමත්ව ඇත්තේ දරුවෙකු පමණි.
සිරියානු වැසියන් තවමත් විනාශයට පත් ගොඩනැගිලි තුළ සිය ජීවිත ගෙවමින් සිටින අතර, එම ගොඩනැගිලි යථාතත්ත්වයට පත්වීම ඉතා සෙමින් සිදුවන්නකි.
එහිදී, ජනතාවට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා සිරියානු බලධාරීන් තවමත් උත්සාහ කරමින් සිටියි.
මෙසේ කඩා වැටුණු මහල් පහකින් යුතු ගොඩනැගිල්ල සමීපයේ කඩා වැටීමට ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක් පවතින බව හඳුනාගෙන තිබේ.