නෙට්ෆ්ලික්ස් ජාලයේ විකාශය වූ මතභේදාත්මක සමලිංගික චිත්රපටයක රියෝ ද ජැනෙයිරෝ කාර්යාලයට බෝම්බ ප්රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ප්රහසන කණ්ඩායමක් වන පෝර්ටා ඩොස් ෆන්ඩෝස් විසින් ඉදිරිපත් කරන ලද මෙම කථාංගයෙන් ජේසුස් ක්රිස්තුස් වහන්සේ සමලිංගිකයෙකු ලෙස ඉස්මතු කර තිබීම නිසා මීට දැඩි විරෝධයක් එල්ල විය.
මෙම චිත්රපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීම සඳහා දස දහස් ගණනන් පිරිසක් එක්ව විශාල පෙත්සමක්ද අත්සන් කර තිබුණි.
මේ අතර, අනර්තජාලය හරහා සංසරණය වන වීඩියෝවකින් අන්ත දක්ෂිණාංශික ආගමික කණ්ඩායමක් මෙම චිත්රපට කාර්යාලයට බෝම්බ එල්ල කළ ප්රහාරයේ වගකීම භාරගෙන තිබේ.
එමගින් ඔවුන් නෙට්ෆ්ලික්ස් ජාලයද දැඩිව විවේචනය කරන අතර චිත්රපටය අපහාසයක් ලෙස විස්තර කරයි.