සමලිංගික යුවළක් සිරගත කිරීම විවේචනය කිරීමෙන් පසු සැම්බියාවේ එක්සත් ජනපද තානාපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික මතභේදයක් මත යළි කැඳවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
2017 වසරේදී සමලිංගික සේවනයේ යෙදුණු වරදට පුද්ගලයන් දෙදෙනෙකුට වසර 15ක සිර දඬුවමක් නියම කිරීම සම්බන්ධයෙන් තමා බියට පත්වූ බව ෆුටේ කියා තිබුණි.
කෙසේ වෙතත් තානාපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව රජය ඔහුට චෝදනා කළ අතර ජනාධිපති එඩ්ගර් ලුන්ග් පවසා සිටියේ ඔහුට ඊට අදහස් දැක්විය නොහැකි බවයි.
සැම්බියාව තුළ සමලිංගික සම්බන්ධතා අතිශය නීතිවිරෝධී ක්‍රියාවක් ලෙස සලකා දඬුවමට යටත් වෙයි.
සැම්බියාවේ විදේශ අමාත්‍යවරයා කියා තිබුණේ ඔබලා අපට ආධාර දෙන නිසා මෙවැනි දේ කිරීමට යැයි කියා උපදෙස් ලබාදීමට එක්සත් ජනපදයට හැකියාවක් නොමැති බවයි.