ස්පාඤ්ඤයේ හිටපු ඒකාධිපති නායකයෙකු වූ ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝගේ දේහය රාජ්‍ය සොහොන් ගෙයක සිට අඩු මතභේදාත්මක ස්ථානයක් වෙත ගෙනයෑමේ සිද්ධියට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය හිමිව තිබේ.
මේ වෙනුවෙන් කටයුතු කළ ස්පාඤ්ඤයේ සමාජවාදී ආණ්ඩුවේ සැලැස්මට එය විශාල සහායක් බව එරට මාධ්‍ය පවසයි.
මෙම ක්‍රියාවට එරෙහිව ෆ්රැන්කෝගේ පවුලේ අය විසින් යොමුකර තිබූ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රතික්ෂේප විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ බෙදුණු මතයක් පවතින අතර, එය ෆ්රැන්කෝ යුගයේ හොල්මන් කරන්නක් බවද කියයි. ඔහු 1930 ගණන්වල සිවිල් යුද්ධය ජයගත් අතර 1975 වන තෙක් ස්පාඤ්ඤය පාලනය කළේය.
ඒකමතික තීන්දුවක් ලබාදෙමින් අධිකරණය කියා සිටියේ, “ෆ්රැන්සිස්කෝ ෆ්රැන්කෝගේ නික්මයාම සම්බන්ධයෙන් පවුලේ අය විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට” තීරණය කර ඇති බවයි.
එරට අගමැති පේද්රෝ සැන්චෙස් මෙම තීරණය “ප්රජාතන්ත්රවාදයේ විශිෂ්ට ජයග්‍රහණයක්” ලෙස වර්ණනා කළේය.
ෆ්රැන්කෝ දැනට සිටින්නේ දස දහස් ගණනක් සිවිල් යුද්ධයෙන් මියගිය අය සමඟ විශාල සොහොන් ගෙයකය.
බොහෝ දෙනෙක් ෆැසිස්ට්වාදයේ විජයග්‍රහණයේ ස්මාරකයක් ලෙස සංකීර්ණයට නිග්‍රහ කරන අතර එය අන්ත දක්ෂිනාංශයේ සිද්ධස්ථානයක් බවට පත්ව ඇත.