සුදු ජාතිවාදය සහ බෙදුම්වාදය සම්බන්ධයෙන් වූ ගුණ ගැයීම්, සහාය දැක්වීම් සහ පෙනී සිටීම් සම්බන්ධ සියලු ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් ලබන සතියේ සිට අවහිර කිරීමට ෆේස්බුක් සැරසෙයි.
සමාජ මාධ්‍ය සමාගම පවසා සිටියේ විශේෂයෙන්ම ත්‍රස්ත ක්‍රියාවන්ට තුඩුදෙන පෝස්ට් වැළැක්වීම සම්බන්ධයෙන් සිය සමාගම ගෙනයන වැඩපිළිවෙළෙහි දිගුවක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
ඒ අනුව, මේ ආකාරයේ අන්තවාදී අදහස් ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් තුළ සොයා යෑමේදී එම සෙවීම් සෘජුවම අන්ත දක්ෂිණාංශික මූලධර්මවාදය පිටුදැකීම වෙනුවෙන් කටයුතු කරන පුණ්‍යායතන පෝස්ටු වෙත යොමුවනු ඇති බව කියැවෙයි.
නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් එල්ල කෙරුණු ආසන්නතම ප්‍රහාරයද මේ ආකාරයෙන් ෆේස්බුක් නීති දැඩි කිරීමට හේතු වී ඇත.
ෆේස්බුක් සමාගම මීට පෙර සුදු ජාතිවාදය වෙනුවෙන් ඉඩ ලබාදී තිබුණු අතර, එම පෝස්ට් අවහිර කිරීමට කටයුතු නොකෙරුණි.