සෞදි අරාබියේ බස්නාහිර සහ වයඹදිග කලාපයට මෙම සතිය පුරා ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තර්ජනයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සෞදි මාධ්‍ය වාර්තාවන්ට අනුව ධාරාණිපාත වර්ෂාවත් සමග ඇති වූ මෙම හදිසි ගංවතුර නිසා තවත් 170කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මෙහිදී, මියගිය පිරිස වයඹදිග තබූක්, මෙදීනා සහ ජෝර්දාන දේශසීමා ආසන්න ප්‍රදේශවල වැසියන් බවද මාධ්‍ය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සෞදි බලධාරීන් පවසා සිටියේ පසුගිය ඉරිදා සිට මේ දක්වා පුද්ගලයන් 271කට වැඩි පිරිසක් ගංවතුරට කොටුව සිටියදී බේරාගත් බවයි.
මේ අතර, මෙම අයහපත් කාලගුණය හේතුවෙන් රියාද් අගනුවර මෙන්ම, ජෙඩාහ් නගරයේ විදුලිය ඇණහිටීම්ද වාර්තා වී තිබේ.
එමෙන්ම, මෙම ගංවතුර එරට කාන්තාර ප්රදේශවලටද බලපා ඇති අතර, පාසල් රැසක් වසා දැමීමටද බලධාරීන් කටයුතු කර ඇත.