සිරියානු කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඉඩ්ලිබ් නගරයේ වෙළෙඳ පොළකට හා කාර්මික කලාපයකට එල්ල වූ ගුවන් ප්රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 18 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
නිරීක්ෂණ කණ්ඩායමක් පැවසුවේ රුසියානු සහ සිරියානු රජයේ ගුවන් යානා මෙම ප්රහාර සිදුකරන්නට ඇති බවයි.
රුසියාව සහ තුර්කිය විසින් මේ මස මුලදී සටන් විරාමයක් ලබාදී තිබියදීත් ගුවන් ප්රහාර එල්ල වීමද විශේෂත්වයකි.
ඉඩ්ලිබ් යනු එකම නමින් වයඹ පළාතේ අගනුවර වන අතර කැරලිකාර කණ්ඩායම්වල අවසාන බලකොටුව වේ.
සිරියානු රජය හෝ එහි රුසියානු ආධාරකරුවන් නවතම ගුවන් ප්රහාර පිළිබඳව මෙතෙක් අදහස් දක්වා නොමැත.
එක්සත් රාජධානියේ සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය (SOHR) පැවසුවේ බදාදා ඉඩ්ලිබ් නගරයේ කාර්යබහුල අල්-හල් වෙළෙඳ පොළට සහ කාර්මික කලාපයට බෝම්බ ප්රහාර එල්ල වී ඇති බවයි.