ටැන්සානියාවේ වෙසෙන කුඩා දරුවන් 6 දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ ශරීර අවයව ලබාගැනීමේ පුවතක් වාර්තා වෙයි.
එරට ජොම්බේ දිස්ත්රික්කය තුළ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, වයස අවුරුදු 2ත්, 9ත් අතර වයස්වල පසුවන දරුවන්ගේ දත් සහ කන් ලබාගැනීම සඳහා මෙම ඝාතනයන් සිදුකර ඇත.
මිත්යා දෘෂ්ටික විශ්වාසවල සිටිමින් ප්රොඪාකාරී යකැදුරන්ගේ කීම අසා මෙම ඝාතන සමග යක්ෂයන්ගේ උපකාර ලැබෙන බවත්, මෙම ශරීර කොටස් තුළ ධනවත්වීම සඳහා විශේෂ ශක්තියක් ඇතැයි පිළිගනිමින් මෙම ඝාතන සිදුකරන බව පොලීසිය පවසයි.
මියගිය දරුවන් තිදෙනෙකුගේ පවුල්වල සමීප ඥාතියෙකු පොලීසිය මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ප්රශ්න කෙරෙමින් පවතී.
ජොම්බේ දිස්ත්රික් පොලිස් කොමසාරිස් රූත් සාෆිරි කියා සිටියේ දෙසැම්බර් මාසයේ සිට ජොම්බේ දිස්ත්රික්කය තුළ දරුවන් 10 දෙනෙකු අතුරුදන් වී සිටි බවත්, ඉන් 4 දෙනෙකු බේරාගැනීමට හැකි වූ බවත්ය.