අලුත් අවුරුදු උත්සව සඳහා මොස්කව් නගර මධ්‍යයේ කෘත්‍රිම හිම දැමීමට බලධාරීන්ට සිදුව ඇති අතර, මෙය වර්ෂ 1886 න් පසුව රුසියානු අගනගරයේ උණුසුම්ම දෙසැම්බරය බව කියයි.
ඩම්පර් ට්‍රක් රථ මගින් නගරය පුරා හිම පතිත කිරීම රුසියාවේ සමාජ මාධ්‍ය තුළ විනෝදයට හා හාස්‍යයට ලක්වන සිදුවීමක් වී තිබේ.
රුසියාවේ කාලගුණ විද්‍යා ඒජන්සියේ ප්‍රධානී රෝමන් විල්ෆෑන්ඩ් පවසන්නේ 2019 යනු රුසියාවේ වාර්තාගත උණුසුම්ම වසර බවයි.
රුසියානු ශීත සෘතුව මේ ආකාරයෙන් උණුසුම් වීම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ තවත් සාක්ෂියක් ලෙස සැලකෙන අතර, එය ධ්‍රැවීය ප්‍රදේශවල වාර්තාගත අයිස් දියවීම ඇතුළත් රටාවක කොටසකි.