ආසියාව පුරා වෙසෙන ජනතාව අද (26දා) වළයාකාර සූර්යග්‍රහණයක් සිදුවන ආකාරය නිරීක්ෂණය කළ අතර, එය "ගිනි වළල්ලක්" ලෙස හඳුන්වනු ලැබිණි.
ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ සෞදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක ජනතාව මෙම ස්වාභාවික සංසිද්ධිය නැරඹීමට එක්රැස් වී සිටියහ.
වළයාකාර සූර්යග්‍රහණයකදී චන්ද්‍රයා සූර්යයාගේ කේන්ද්‍රය ආවරණය කර දීප්තිමත් වළල්ලක පෙනුම ලබාදෙයි.
සාමාන්‍යයෙන් සෑම වසරකම පෘථිවියේ සූර්යග්‍රහණ දෙකක් සිදුවන අතර ඒවා සිදුවන්නේ පෘථිවිය මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් සඳෙහි සෙවණෙහි සිටින විට පමණි.
මීළඟ පූර්ණ සූර්යග්‍රහණය 2020 දෙසැම්බර් 14 වැනි දින සිදුවන අතර එය දකුණු චිලී සහ ආර්ජන්ටිනාවේ මෙන්ම නිරිතදිග අප්‍රිකාව සහ ඇන්ටාක්ටිකාව ආදී රටවලදී පැහැදිලිව දැකගත හැකිය.