ලෝකයේ වෙළෙඳ පොළවල් දැඩි අවුලකට පත්කළ, ගෝලීය ආර්ථිකය මත බර පැටවූ වෙළෙඳ යුද්ධය සමතයකට පත්කර ගැනීම වෙනුවෙන් එක්සත් ජනපදය හා චීනය ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කර තිබේ.
වොෂිංටනයේදී අදහස් දක්වමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේ මෙම ගිවිසුම එක්සත් ජනපද ආර්ථිකයට පරිවර්තනීය වෙනසක් ඇති කරනු ඇති බවයි.
මේ අතර චීන නායකයන් එය හැඳින්වූයේ දෙරට අතර වඩා හොඳ සබඳතා වර්ධනය කර ගැනීමට ඉවහල් වන ජයග්රාහී ගනුදෙනුවක් ලෙසිනි.
එක්සත් ජනපද ආනයන 2017 මට්ටමට වඩා ඩොලර් බිලියන 200කින් ඉහළ නැංවීමට සහ බුද්ධිමය දේපල නීති ශක්තිමත් කිරීමට චීනය මෙහිදී ප්රතිඥා දී තිබේ.
ඊට සහයෝගයක් වශයෙන්, එක්සත් ජනපදය විසින් චීන නිෂ්පාදන සඳහා පනවා ඇති නව ගාස්තු බොහෝමයක් අඩකින් කපා හැරීමට එකඟ වී තිබේ.