ඇමෙරිකානු ජනපතිගේ දෝෂාභියෝගයට හේතු වූ පැමිණිල්ල යොමුකළ විස්ල්බ්ලෝවර්ගේ නම ඇතුළත් ට්විටර් පණිවුඩයක් යළි බෙදාහැරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් දැඩි විවේචනයට ලක්ව සිටී.
100% ට්රම්ප්ගේ ආධාරකරුවෙකු ලෙස විස්තර කළ @ surermom77 නම් පරිශීලකයෙකුගේ ට්විටර් පණිවුඩයක් මෙසේ ඔහු යළි ට්විට් කර තිබේ.
කෙසේ වෙතත් චෝදනා එල්ල වීමත් සමග මෙම ට්විටර් පණිවුඩය ජනපතිගේ ට්විටර් ගිණුමෙන් ඉවත් කළද, එය සබැඳියක් හරහා සොයාගත හැකිවිය.
මෙසේ රහස් හෙළි කරන විස්ල්බ්ලෝවර් තමා හඳුනා ගන්නා බව ට්රම්ප් පුන පුනා කියා සිටි පසුබිමක ඔහු මෙය සිදුකර ඇත.
නමුත්, රජය විසින් වැරදි කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කරන රහසිගත තොරතුරු හෙළි කරන්නන් ලෙස ගැනෙන මෙම විස්ල්බ්ලෝවර්ස් නමැති අයගේ ආරක්ෂාව සහතික කිරීම එක්සත් ජනපදයට ෆෙඩරල් නීතියේ පවතින බවද කියැවෙයි.
මීට පෙර එක්සත් ජනපද බුද්ධි අංශෆය් සේවය කරන බව කියනු ලබන විස්ල්බ්ලොවර් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ තම සේවාදායකයා ශාරීරික අනතුරක සිටින බවකි.
එමගින් ජනාධිපතිවරයාට නිරතුරුවම අවවාදයක් නිකුත් කිරීමට උත්සාහ කළත්, ට්රම්ප් ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම නොසලකා හැර ඔවුන් නම් කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටියේය.