චීනයේ ගංගා නිම්නයක තිබී මින් පෙර නොවූවිරූ පොසිල දහස් ගණනක එකතුවක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ.
මෙම පොසිල වසර මිලියන 518ක් තරම් අතීතයට දිවයන බව විද්‍යාඥයන් ගණන් බලා ඇති අතර, මෙම සතුන් රැසකගේ ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීන් පවා වඩාත් පැහැදිලිව දැකගත හැකිවන ආකාරයෙන් මෙම පොසිල ආරක්ෂා වී තිබීම සුවිශේෂීත්වයක් බවද විද්‍යාඥයෝ පවසති.
පාෂාණධාතුක භූ විද්‍යාඥයන් මෙම සොයාගැනීම ඇදහිය නොහැකි සොයාගැනීමක් බව පවසන්නේ, එම පොසිලවලින් අඩකටත් වඩා සතුන් මින් පෙර සොයා නොගැනුණු සතුන්ගේ වන නිසාය.
චීනයේ, හුබෙයි පළාතේ, ඩැන්ෂුයි ගංගා නිම්නය ආසන්නයේදී මෙම පොසිල් හමුවූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.