තමා පැදවූ ලෑන්ඩ් රෝවර් ජීප් රථය තවත් මෝටර් රථයක හප්පවා සිදුකළ අනතුර සම්බන්ධයෙන් පිලිප් කුමරුට තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව අධිකරණය පවසයි.
මෙම අනතුරින් පසුව 97 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා සිය රියදුරු බලපත්‍රය අත්හැරීමට තීරණය කර තිබීමත්, කුමරුගේ වයස සැලකිල්ලට ගැනීමෙනුත්, ඔහුට දඬුවම් නොපැමිණවෙන බව සඳහන් වෙයි.
මෙම අධිකරණ තීන්දුවට පිලිප් කුමරු ගරු කරන බව බකිංහැම් මාලිගය දන්වා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, කුමරු අතින් සිදුවූ මෙම අනතුරින් අනෙක් මෝටර් රථයේ ගමන් කළ කාන්තාවක් තුවාල ලැබූ අතර, එහි සිටි කුඩා දරුවෙකු සහ තවත් මගියෙකු නිරුපද්‍රිතව බේරී තිබුණි.
එම අවස්ථාවේදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට කුමරු පැදවූ ජීප් රථය දැමීමේදී ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයේ එය ගැටී තිබුණු අතර, අනතුරින් කුමරු පැදවූ ජීප් රථය පෙරළී ගොස් තිබුණි.
කෙසේ වෙතත්, ඉහළ ආරක්ෂක උපාංග සහිත ජීප් රථයේ සියලු වා බැලූන විවෘත වෙමින් කුමරුට කිසිදු හානියක් නොවී ජීවිතය බේරී තිබුණි.
මේ ආකාරයෙන්, කුමරු සිය රියදුරු බලපත්‍රය අත්හැරියද ඔහුට සිය පෞද්ගලික වතුයායවල හා පෞද්ගලික ඉඩම්වල සිය රථය පැදවීමට අවස්ථාව හිමිවනු ඇත.