රට තුළ ප්රචණ්ඩත්වය වැපිරෙන ආකාරයෙන් ව්‍යාජ පුවත් පැතිර වූ අයිවරිකෝස්ට් හි මන්ත්‍රීවරයෙකු සහ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට වසරක සිර දඬුවමක් සහ ඇ.ඩො.520ක දඩයක් පණවා තිබේ.
පසුගිය ජනවාරි 9දා අලෙයින් ලොබොග්නන් නමැති මෙම මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ, එරට නීතිපති විසින් තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම ට්විටර් පණිවුඩයෙන් කුපිත වූ දේශපාලන ආධාරකරුවන් අතර ඇති වූ ගැටුම් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ.
ඒ අනුව, මෙය රට තුළ අනවශ්‍ය කලකහාරී තත්ත්වයක් ඇති කිරීමට හේතු වූ ව්‍යාජ පුවතක් බව පවසමින් ඔහුට නඩු පවරා, මෙම දඬුවම ලබාදී තිබේ.
නමුත්, අදාළ මන්ත්‍රීවරයා පවසන්නේ මෙය දේශපාලනික වශයෙන් තමාට එරෙහිව ක්‍රියාත්මක වූ තීන්දුවක් බවය. එබැවින්, ඔහු දින 10ක් පුරා නිරාහාරව උපවාසයක්ද අරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.