වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස එරට විපක්ෂනායක ජුආන් ගුආයිදෝ පිළිගැනීමක් හෝ වත්මන් ජනපති මදුරෝ වෙත සහාය දැක්වීමක් නොකර, එරට තුළ සාධාරණ මැතිවරණයක් ඉල්ලා සිටිමින් නවසීලන්තය මධ්‍යස්ථ ස්ථාවරයක සිටින බව අවධාරණය කර ඇත.
වෙනිසියුලාවේ විපක්ෂනායක ගුආයිදෝ පසුගිය සතියේ කරකාස් නගරයේ පැවති දැවැන්ත ජනරැලියකදී තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනපතිවරයා ලෙස කියා සිටියේය.
ඔහුගේ මෙම තීරණය ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පිළිගත් අතර, පසුව බ්‍රිතාන්‍ය, කැනඩාව මෙන්ම කලාපයේ ලතින් ඇමෙරිකානු රාජ්‍යයන්ද ඊට සහාය දැක්වීය. මීට අමතරව, ඔස්ට්‍රේලියාවද වෙනිසියුලාවේ නව අන්තර්වාර ජනපතිවරයා ලෙස ගුආයිදෝ පිළිගනු ලැබීය. කෙසේ වෙතත්, චීනය, රුසියාව, කියුබාව, බොලීවියාව, තුර්කිය ආදී රටවල් මදුරෝ වෙත සහාය දැක්වීමට ඉදිරිපත් විය.
මේ අතර, බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක ගුආයිදෝ පවසා සිටියේ වෙනිසියුලානු ජනතාව ඒකාධිපතීත්වයක් තුළ ජීවත්වන බවත්, තමාගේ මේ නව ඉල්ලීම එරට තුළ මැතිවරණ ඉල්ලා කරන අරගලයක් බවත්ය.