වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණය එරට විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ රටින් පිටවීම වළක්වමින්, ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවා තිබේ.
ගුආයිදෝ විසින් වෙනිසියුලාවේ අන්තර්වාර ජනපතිවරයා තමා යැයි ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇති වූ බල අරගලයේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුව ඇත.
ඔහුගේ එම තීරණයට ඇමෙරිකාව ප්රමුඛ රටවල් 20ක පමණ සහාය ලැබුණු අතර, වත්මන් ජනපති නිකොලාස් මදුරෝ වෙත රුසියාව ආදී රටවල සහාය හිමිවිය.
කෙසේ වෙතත්, රුසියානු රජයේ පුවත් ඒජන්සිය වෙත අදහස් දක්වමින් මදුරෝ පවසා සිටියේ විරුද්ධ පක්ෂ එකඟත්වයකට පැමිණීමේ සූදානමක තමන් සිටින බවයි.
විශේෂයෙන්ම, මෙම සිදුවීමේදී මධ්‍යස්ථ මතයක රැඳෙමින් වෙනිසියුලාව තුළ මැතිවරණයක් පැවැත්විය යුතු බව ඉල්ලා සිටි යුරෝපා සංගමය, දින 8ක් ඇතුළත එම මැතිවරණය කැඳවන ලෙස වෙනිසියුලා රජයට අවධාරණය කර තිබේ.