වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ, වත්මන් ජනපති නිකොලාස් මදුරෝ ධුරයෙන් පහ කිරීමේ සහාය ලබාගැනීම සඳහා එරට හමුදා සමග රහස් සාකච්ඡා පැවැත්වූ බව කියයි.
ගුආයිදෝ පසුගියදා තමන් එරට අන්තර්වාර ජනපති ලෙස කියා සිටි අතර, ඔහුගේ මතයට එක්සත් ජනපදය ඇතුළු රාජ්‍යයන් 20ක් පමණ සහාය දැක්වීය.
මේ අතර, වත්මන් ජනපති මදුරෝගේ සහායට චීනය, රුසියාව, කියුබාව, තුර්කිය ආදී රටවල් කිහිපයක් විය.
මේ තත්ත්වය තුළ මදුරෝගේ බලය ආරක්ෂා කරගැනීම සඳහා වෙනිසියුලා හමුදා සහාය තීරණාත්මක සාධකය බවට පත්ව ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර, එක්සත් ජනපද ජනතාව අමතමින් මදුරෝ වෙනිසියුලානු භූමිය වෙත එක්සත් ජනපද හමුදා එවීමේ ම්රම්ප්ගේ උත්සාහයට සහාය නොදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඔහු එහිදී අවධාරණය කර ඇත්තේ, යම් ලෙසකින් ඇමෙරිකානු හමුදා තම රට වෙත පැමිණියොත් ඊට එල්ල කරන ප්‍රතිප්‍රහාර හමුවේ එය තවත් වියට්නාම යුද්ධයක් බවට පත්වනු ඇති බවය.
වෙනිසියුලාව සම්බන්ධයෙන් යුදමය ක්‍රියාදාමයකට යනවා දැයි ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මීට පෙර මාධ්‍ය ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු කියා සිටියේ තම මේසය මත විකල්ප රැසක් පවතින බවය.