ලැව්ගිනිවලින් දැඩි පීඩාවකට පත් ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ සමහර වෙත පසුගිය දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවී තිබෙන බවත්, ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් පවා දැකිය හැකි වූ බවත් වාර්තා වෙයි.
වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්තවල වැසි ඇද හැලී ඇති අතර, එම ප්රාන්තයන් සියල්ලම ලැව්ගිනි අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව තිබූ ප්රාන්තයන්ය.
මේ වනවිට ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන මාර්ග වසා දමා ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් නිව් සවුත් වේල්ස් හි සමහර ප්‍රදේශවල විදුලි කප්පාදුවක් පවා වාර්තා වෙයි.
නමුත් ගිනි නිවන භටයන් පැවසුවේ වර්ෂාව සමහර ගිනිදැල් මැඩපැවැත්වීමට උපකාරී වී ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබූ අතර, අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස්, සතුන් මිලියන ගණනකට ජීවිත අහිමි වූහ. එමෙන්ම නිවාස දහස් ගණනක් විනාශ වී අක්කර මිලියන ගණනක ඉඩම් විනාශ වී තිබේ.