ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලොව හොඳම ටොයිලට් පේපර් පිළිබඳ සෙවීමේදී මුලින්ම පාකිස්ථාන ධජය පැමිණෙන බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය පෙබරවාරි 14දා ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයෙහි හමුදා සාමාජිකයන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය මෙම සිද්ධිය හා බැඳෙයි.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40ක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් විශාල පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබීය.
මෙම ප්‍රහාරයේ වගකීම පාකිස්ථානය කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වන ජයීෂ්-ඊ-මොහොමඩ් ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය භාරගන්නා ලදී.
ඒ අනුව, මෙම ප්‍රහාර කෙරෙහි ඉන්දියාව සෘජුවම පාකිස්තානය වෙත ඇඟිල්ල දිගු කරන අතර, මීට ප්‍රතිචාර ලෙස එරට සමග වෙළෙඳ සබඳතා අවසන් කිරීමත්, තීරු ගාස්තු වැඩි කිරීමත් සිදුවිය.
මේ ආකාරයෙන් ගූගල් සෙවුම් යන්ත්‍රයේ පාකිස්තාන ධජය ටොයිලට් පේපර් සෙවීමේදී දර්ශනයට වීමට සැලැස්වීමද ඉන්දියානුවන්ගේ වැඩක් ලෙස විශ්වාස කෙරෙයි.