ලොව වයස්ගතම කළු රයිනෝවා ලෙස සැලකෙන ෆවුස්ටා වයස අවුරුදු 57 දී ටැන්සානියාවේදී මියගොස් තිබේ.
නැගෙනහිර කළු රයිනෝ වන ෆවුස්ටා ප්‍රථම වරට දුටුවේ 1965 දී එන්ගොරොන්ගෝ ආවාටය සමීපයේදීය.
ඇය අවුරුදු 54 කට වැඩි කාලයක් නිදහසේ ආවාටය අවට සැරිසැරූ නමුත් ඇගේ මහලු වියේ සෞඛ්‍ය ගැටලු නිසා අභය භූමියක විශේෂ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇගේ අවසන් වසර කිහිපය ගත කිරීමට සිදුවිය.
ෆවුස්ටාට කිසි විටෙකත් පැටවුන් සිටියේ නැත - එන්ගොරොන්ගෝරෝ හි සංරක්ෂකයින් පවසන්නේ ඇගේ දීර්ඝ ආයුෂ සඳහා එයද දායක වන්නට ඇති බවයි.
2016 වනවිට ෆවුස්ටාගේ ඇස් පෙනීම පිරිහෙමින් තිබූ අතර ඇය හයිනා ප්රහාරයන්ටද ලක්ව තිබුණි.