ලොව දීර්ඝතම ලුණු ගුහා සංකීර්ණයක් සොයාගැනීමට හැකිවූ බව ඊශ්රායල් පර්යේෂකයන් පිරිසක් පවසා තිබේ.
කිලෝමීටර් 10ක් දිගට ඇදෙන මෙම ගුහා සංකීර්ණය මැල්හැම් ගුහා ලෙස හැඳින්වෙන අතර, එය මළ මුහුද ආසන්නයේ පවතින්නකි.
ඉදිරියේදී ඇතිවන වර්ෂාපතනයන් සමග මෙම ගුහා සංකීර්ණය තවදුරටත් දීර්ඝ වීමේ හැකියාවක් පවතින බව සඳහන් වෙයි.
වැසි ඇතිවීමේදී ගුහාවට ඉහළින් ඇති භූමියේ සිදුරු තුළින් වැසි ජලය ගලායෑමත් සමග ගුහාව තුළ ඇති ලුණු දියවෙමින් මෙම ගුහාව තවත් දීර්ඝ වී එය මළ මුහුද දක්වාම ඇදෙනු ඇති බව විශ්වාස කෙරෙයි.