ලෝක ප්‍රකට ලයන් කිංග් සංගීතමය වේදිකා නාට්‍යයේ සිම්බා නමැති වැඩිහිටි සිංහයාගේ චරිතයට පණ පෙවූ දකුණු අප්‍රිකානු නළු ඇන්ඩයිල් ගුම්බි දිවි ගමනට සමුදී තිබේ.
36 හැවිරිදි ප්‍රකට නළුවා ඊශ්‍රායලයේදී හදිසි හෘදයාබාධයකට ගොදුරුවීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.
එම අවස්ථාවේදී ඔහුට අවශ්‍ය උසස්ම හදිසි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළත්, සිකුරාදා උදෑසන ඊශ්‍රායල් රෝහලකදී ඔහු අවසන් හුස්ම හෙලූ බවද ඔවුන් කියයි.
ඔහු 2003 වසරේ සිට වසර 10කට අධික කාලයක් ලයන් කිංග් සංගීතමය වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වූ අතර, ඔස්ට්‍රේලියාව, චීනයේ ෂැන්ග්හයි, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්, බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සහ එක්සත් ජනපදයේ නිව්යෝක් බ්‍රෝඩ්වේ වේදිකාවේද ඔහු සිය දක්ෂතා දක්වා තිබුණි.