ලිබියාවේ සිවිල් යුද්ධයට ඇඟිලි ගැසීම නතර කරන ලෙස එක්සත් ජාතීන්ගේ ලිබියාවේ තානාපති ගසන් සලාමේ විදේශ බලවතුන්ගෙන් ඉල්ලා තිබේ.
බර්ලිනයේදී පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා අභියස සලාමේ කියා සිටියේ ගැටුම්වලදී ප්‍රොක්සි කණ්ඩායම්වලට විදේශීය සහාය ලබාදීමෙන් ප්රචණ්ඩත්වයේ විෂම චක්‍රයක් නිර්මාණය වී ඇති බවයි.
කෙසේ වෙතත් සිදුකෙරුණු සාකච්ඡා සම්බන්ධයෙන් තමන් සුබවාදී මතයක සිටින බව සලාමේ මාධ්‍ය වෙත පවසා තිබුණි.
මෙම සාකච්ඡා ඇරඹෙන්නේ ට්‍රිපොලි අගනුවර ජෙනරාල් කලීෆා හෆ්තාර් සහ එක්සත් ජාතීන්ගේ සහාය ලබන රජය අතර මාස නවයක ගැටුමකින් පසුවය.
මේ මස මුලදී ජෙනරාල් හෆ්තාර් සහ ජාතික රජය (ජීඑන්ඒ) අතර ගිවිසුමක් ප්‍රකාශයට පත්කිරීමද සිදුවුවත්, ගිවිසුම උල්ලංඝනය වීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට දොස් පවරා ගනු ලැබිණි.
ජෙනරාල් හෆ්තාර්ට පක්ෂපාතී හමුදා ඊයේ දිනයේ ප්‍රධාන ලිබියානු වරායන් කිහිපයකින් තෙල් අපනයනය කිරීම අවහිර කළ අතර, නව සාම සාකච්ඡා ආරම්භ වීමට දිනකට පෙර මෙම පියවර රටේ ප්‍රධාන ආදායම් මාර්ගයට හිනිකර තිබුණි.