කාලගුණික දත්ත වාර්තා කිරීම ඇරඹි වර්ෂ 1850න් පසුව ලෝකය උණුසුම්ම වසර 10ක කාලසීමාවේ මධ්‍යය පසුකරමින් සිටින බව හැඟීයන්නේ යැයි ජාත්‍යන්තර කාලගුණික දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව, ඉදිරි වසර පහක කාලය තුළදී කාර්මික විප්ලවයට පෙර පැවති තත්ත්වයට වඩා සෑම වසරකම උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ යා හැකි බවට පුරෝකථනය කෙරෙයි.
එමෙන්ම, ඉදිරි වසර පහක කාලය තුළ ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5කින් තාවකාලිකව ඉහළ යෑමේ අවදානමක්ද පවතනි බව සඳහන් වෙයි.
මෙය දේශගුණික විපර්යස සම්බන්ධයෙන් කතාකිරීමේදී අතිශය තීරණාත්මක අවස්ථාවක් වනු ඇති බව කියැවෙයි.
ඒ අනුව, මෙම පුරෝකථනයන් නිවැරදි වුවහොත්, වසර 150ක කාලගුණික දත්ත වාර්තා ගතකළ කාලයේ උණුසුම්ම වසර 10 බවට 2014 සිට 2024 දක්වා කාල පරාසය පත්වනු ඇත.