ලෝකවාසීන්ගේ ආහාර අවශ්‍යතාව මේ සියවස අවසානය වනවිට 80%න් ඉහළ යාහැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ.
මෙම අධ්‍යයනය සිදුකළ ජර්මානු පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ශරීර ස්කන්ධ දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බවයි.
එසේ අවශ්‍ය වන්නා වූ කැලරි ප්‍රමාණය සපුරාලීමට නොහැකි වුවහොත් එය මහා පරිමාණ ගෝලීය විෂමතාවකට මඟපාදනු ඇති බවට ඔවුන් අනතුරු අඟවයි.
මේ ආකාරයෙන් 60%ක කැලරි ප්‍රමාණයේ ඉහළ යාම ලෝක ජනගහන වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නක් බව ඔවුන් පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන ඇස්තමේන්තුවලට අනුව කියැවුණේ, 2010 දී බිලියන 7ක් පමණ වන ජනගහනය 2100 දී බිලියන 11ක් දක්වා ඉහළ යා හැකි බවයි.