රුසියාවේ ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල පළමු රෙජිමේන්තුව සේවයට යෙදවීමට කටයුතු කර ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපති ව්ලැඩිමීර් පූටින් පවසා ඇත්තේ න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලවලට ශබ්දයේ වේගයට වඩා 20 ගුණයක වැඩි වේගයකින් ගමන් කළ හැකි බවත් රුසියාව අනෙක් ජාතීන්ට වඩා ඉදිරියෙන් සිටින බවත් ය.
එමෙන්ම ඔවුන් සතුව ග්ලයිඩ පද්ධතියක්ද ඇති අතර මේ නිසා ඒවා වඩාත් පහසුවෙන් සීරුමාරු කිරීමටද අවස්ථාව ලැබෙන අතර, ඉන් බේරී සිටීමට පහසු නොවනු ඇති බවද කියයි.
ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂෙයිගු විසින් "ඇවන්ගාඩ් හයිපර්සොනික් ග්ලයිඩ් මිසයිල දෙසැම්බර් 27 වැනි දින මොස්කව් වේලාවෙන් පෙ.ව. 10:00 ට සේවයට ඇතුළු වූ බව" තහවුරු කරමින් එය සුවිශේෂී සිදුවීමක් ලෙස නම් කළේය.