හිටපු නිසාන් ප්‍රධානී කාලෝස් ගොස්න් ජපානයෙන් පිටව ගොස් ලෙබනනයට පැමිණ ඇති බව වාර්තා වෙයි.
එක් ලෙබනන් නිලධාරියෙක් ඒඑෆ්පී පුවත් ඒජන්සියට පවසා ඇත්තේ ගොස්න් බේරූට් වෙත ළඟා වූ නමුත් ඔහු ජපානයෙන් පිටව ගියේ කෙසේද යන්න පැහැදිලි නැති බවයි.
2018 දී මූල්‍ය විෂමාචාර චෝදනා මත ගොස්න් අත්අඩංගුවට ගත් අතර ඔහුට චෝදනා කිහිපයකට මුහුණදීමට සිදුවිණි.
ඔහුට එරෙහිව ජපානයේ අධිකරණමය ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු අතර ඔහුට ජපානයෙන් පිටව යාමද තහනම්ව තිබුණි. කෙසේ වෙතත් මේ චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කළේය.
ප්‍රංශ හා ලෙබනන් විදෙස් ගමන් බලපත්‍රද දරන ඔහු මේ ආකාරයෙන් කෙසේ ලෙබනනය වෙත පළා ආවේද යන්න උභතෝකෝටිකයක් වී තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් ගොස්න්ගෙන් හෝ ජපාන රජයෙන් නිල නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති අතර බොහෝ ප්රවෘත්ති ඒජන්සි වාර්තා කරන්නේ ඔහු බේරූට් වෙත පැමිණ ඇති බවයි.
තම සේවාදායකයා ජපානයෙන් පිටවීම ගැන තමා නොදන්නා බවත්, එම කතාව සනාථ කිරීමට උත්සාහ කරන බවත් ගොස්න්ගේ ආරක්ෂක කණ්ඩායමේ සාමාජිකයෙක් NHK වෙත පවසා තිබුණි. ඔහු ජපානයෙන් පිටව ගොස් ඇත්දැයි සොයා බැලීමට නීතීඥයන්ද උත්සාහ කරන බව NHK සේවය වැඩිදුරටත් පවසා තිබුණි.