හැරී කුමරුගේ සහ සසෙක්ස් ආදිපාදවරියගේ අනාගත භූමිකාවන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙවැනි එළිසබෙත් රැජින සහ සසෙක්ස් ආදිපාදවරයා හෙට (13දා) සැන්ඩ්රින්හැම්හිදී සාකච්ඡා පැවැත්වීමට යයි.
හැරී කුමරු සහ මේඝන් කුමරිය විසින් තමන් ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාව අත්හැර, මූල්‍යමය වශයෙන් ස්වාධීන පුද්ගලයන් ලෙස කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කිරීමත් සමග රජ පවුල තුළ යම් දෙදරීමක් හටගෙන තිබේ.
බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ වේල්ස් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා මෙම රැස්වීමට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත්, මෙම හමුවේදී කිසියම් හෝ නිගමනයකට එලැඹෙනු ඇති බවට කිසිදු යෝජනාවක් නොමැති බවද සඳහන් වෙයි.
රාජකීය පවුල සමග යුවළගේ නව සම්බන්ධතාවය නිර්වචනය කිරීමේ මාර්ගයෙන් මෙම සාකච්ඡා "ඊළඟ පියවරක්" බිහි කරනු ඇතැයි අපේක්ෂා කරන බවත්, දින කිහිපයක් ඇතුළත විසඳුමක් සොයා ගැනීමට රැජිනගේ අභිමතය පරිදි සිදුවනු ඇති බවත් විචාරකයෝ පවසති. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවල ප්‍රගතියක් සෙවීම පහසු නොවනු ඇති බවද ඔවුන්ගේ මතයයි.