පිලිපීනයේ මැනිලා නගරයට දකුණින් පිහිටි බටන්ගාස් පළාතේ අද (24දා) අලුයම් කාලයේදී රික්ටර් පරිමාණ 6.7ක මූලික භූමිකම්පාවක් සිදු වූ බව පිලිපීන ගිනි කඳු හා භූ කම්පන විද්‍යා ආයතනය වාර්තා කරයි.
කලටගන් නගරයට කිලෝ මීටර් 16ක් නිරිත දෙසින් දේශීය වේලාවෙන් අලුයම 4:49ට භූමිකම්පාව සිදුවූ බව ආයතනය පවසයි. එමෙන්ම භූ කම්පනය කිලෝ මීටර් 116ක ගැඹුරකින් වාර්තා වී ඇති බවද පෙන්වා දෙයි.
මෙම ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව පසු කම්පන ඇතිවිය හැකි නමුත් ප්‍රබල හානියක් වාර්තා වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. පිලිපීනය පැසිෆික් ගිනි වළල්ල දිගේ පිහිටා ඇති නිසා නිරන්තරයෙන් භූ කම්පන ඇතිවීම දැකිය හැකිය.