ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් සරසවියට ඇතුළු වීම සඳහා අල්ලසක් ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් එම සිසුවාගේ ඉල්ලුම් පත්‍රය සරවිය ප්‍රතික්ෂේප කර තිබේ.
එහිදී, මෙම සිසුවා පාපන්දු ක්‍රීඩා කර ඇති බව හැඟවීමට හිටපු පාපන්දු පුහුණුකරුවෙකුට ඇ.ඩො.ලක්ෂ 4ක මුදලක් ලබාදී ඇති අතර, මෙම සරසවි ප්‍රවේශය ලබාගැනීම සඳහා එම දෙමවුපියන් ඇ.ඩො.මිලියන 1.2ක සමස්ත අල්ලසක් ලබාදී ඇති බව හෙළිව තිබේ.
මේ ආකාරයේම සිද්ධියක්, මීට පෙරද වාර්තා වී තිබූ අතර, එහිදීද දෙමවුපියන් විසින් අල්ලසක් ලබාදීම සම්බන්ධයෙන් කනෙක්ටිකට් උසස් විද්‍යාලයක පරීක්ෂණ පැවැත්වෙන බව කියැවෙයි.
එහිදී, අදාළ උසස් පාසලේ පාපන්දු පුහුණුකරුවෙකුට ධුරයෙන් ඉවත්වීමට පවා සිදුව ඇත්තේ, අදාළ අල්ලස් ලබාගැනීමේ සිද්ධියට අදාළවය.
කෙසේ වෙතත්, යේල් සරවිය මෙසේ අල්ලස් ලබාදෙමින් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට කටයුතු කළ සිසුවාගේ නම ප්‍රසිද්ධියට පත්කර නොමැත.