මොළය මියගොස් පසුගිය දෙසැම්බර් මාසයේ සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක පිරිමි දරුවෙකු බිහිකර සිය දිවියෙන් සමුගෙන තිබේ.
පෘතුගාල ක්‍රීඩිකාවක වන කැටරීනා සිකුවෙයිරා නම් වූ 26 හැවිරිදි කාන්තාව මෙම තත්ත්වයට පත්ව තිබුණේ හදිසියේ ඇති වූ උග්‍ර ශ්වසන ආබාධයක් හේතුවෙනි.
පෘතුගාලයේ රෝහලක මාස තුනකට ආසන්න කාලයක් මෙම කාන්තාව දැඩි සත්කාර ඒකකයට වී සිටි අතර, මෙම රෝගී තත්ත්වය ඇතිවන විට ඇය සති 32ක ගැබිනියක බව හඳුනාගෙන තිබුණි.
පෘතුගාලය තුළ මේ ආකාරයෙන් මොළය මියගිය කාන්තාවකට දාව දරුවෙකු උපත ලද දෙවැනි අවස්ථාව ලෙස මෙය හඳුනා ගැනෙයි.
මෙම දරුවාට සැල්වදෝර් යනුවෙන් නම් තබා ඇති අතර, උපතේදී සුළු ශ්වසන අපහසුතාවක් පෙන්නුම් කළත්, තවත් සති කිහිපයකින් දරුවා ගෙදර රැගෙන යා හැකි බව වෛද්‍යවරු පවසති.
කෙසේ වෙතත්, මේ බිළිඳාගේ උපතත් සමග දිවියෙන් සමුගත් ඔහුගේ මවගේ අවමංගල්‍ය කටයුතුද පෘතුගාලයේදී සිදුකෙරිණි.