මහත්මා ගාන්ධිතුමන්ගේ පඹයෙකු සාදා ඊට වෙඩි තබන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහළ ඉන්දීය හින්දු අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් නායිකාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජා පාණ්ඩේ නැමැත්තියක විසින් වායු රයිෆලයක් භාවිතයෙන් මෙම වෙඩි තැබීමේ දර්ශනය සිදුකර ඇති අතර, ඉන්දියාවේ හින්දු අන්ත දක්ෂිණාංශිකයන් මහත්මා ගාන්ධිගේ මැදහත් පිළිවෙත ප්රතික්ෂේප කළේය.
මෙම සිද්ධියෙන් පසුව මෙම කාන්තාව සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යෙදවූ බව පොලීසිය කියයි.
ගාන්ධි ඝාතනය කළ ජනවාරි 30 වැනිදා මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදහළ තිබූ අතර, මෙම සිද්ධියට අදාළව මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පෙන්වා දෙයි.
වර්ෂ 1948 ජනවාරි 30 වැනිදා මහත්මා ගාන්ධි තුමන් වෙත වෙඩි තබා ඝාතනය කර තිබුණේද, හින්දු අන්ත දක්ෂිණාංශිකයෙකු විසිනි.