මොසැම්බික් රාජ්‍යයට බලපෑ ඉඩායි සුළි කුණාටුවෙන් පුද්ගලයන් 1000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි විශ්වාස කරන බව එරට ජනපති ෆිලිපේ නයුසි පවසයි.
එරට වරාය නගරයක් වන බෙයිරා හරහා ගොඩබිමට කඩා වැදුණු මෙම සුළි කුණාටුව, එම අවස්ථාවේදී පැයට කිලෝමීටර් 177ක සමග දරුණු සුළං ඇති කර තිබූ බව කියයි.
එමෙන්ම, මෙම සුළි කුණාටුවේ බලපෑම අසල්වාසී සිම්බාබ්වේ සහ මලාවි යන රාජ්‍යයන් වෙතද බලපෑම් කර තිබුණි.
මොසැම්බික් රජයේ බලධාරීන් කියා සිටියේ ලක්ෂ 6ක පමණ පිරිසක් කුණාටුවේ බලපෑමට සෘජුවම මුහුණ දුන් බවයි. එමෙන්ම, තවත් ලක්ෂයක පමණ පිරිසක් ක්ෂණිකව මුදාගැනීමේ අවශ්‍යතාවක් පවතින බවද රජය පවසයි.
සේව් ද චිල්ඩ්රන් ආයතනයට අනුව මෙම ස්වභාවික ආපදාව හේතුවෙන් කුඩා දරුවන් විශාල පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි සෘජු බලපෑමට ලක්ව තිබේ.
එමෙන්ම, සිම්බාබ්වේ රාජ්‍යයේ පුද්ගලයන් 98 දෙනෙකු මින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 200ක් පමණ අතුරුදන් බව කියැවෙයි.