මවු කුස තුළ සිටින බිළිඳාගේ හදවතෙහි පැහැදිලි ඡායාරූප ලබාගත හැකි උපකරණයක් එම්.ආර්.අයි. ස්කෑනර් යන්ත්‍රයක් යොදා ගනිමින් නිර්මාණය කර තිබේ.
ලන්ඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් එම්.ආර්.අයි. ස්කෑනර් යන්ත්‍රයක් සහ සුවිශේෂී පරිගණක පද්ධතියක් යොදාගෙන මෙම කාර්යය සිදුකර ඇති අතර, එමගින් මවු කුස තුළ සිටින බිළිඳාගේ කුඩා හදවතෙහි ත්‍රිමාණ ඡායාරූප ඉතා පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසී ඇත.
මෙම නවතම සොයාගැනීම නිසා මවු කුස තුළ සිටින බිළිඳන්ගේ හදවත් රෝග සම්බන්ධයෙන් කල්තියා දැනගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර්ම හෝ සූදානම් වීම් සිදුකිරීමට අවකාශ ලැබෙන බව පර්යේෂකයෝ පවසති.
එමෙන්ම, ඔවුන්ගේ මෙම නව සොයාගැනීම ඉතා පහසුවෙන් රෝහල් වෙත හඳුන්වාදිය හැකි බවද ඔවුහු පවසා ඇත.