මෝල්ඩෝවා රාජ්‍යයේ සාමාන්‍ය වැසියන් සහ රජයේ නිලධාරීන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වූ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 200කට වැඩි ප්‍රමාණයක් ඉවත් කළ බව ෆේස්බුක් අඩවිය පවසයි.
එලැඹෙන 24දා මෝල්ඩෝවා රාජ්‍ය එරට මැතිවරණයට මුහුණදෙන අතර, මෙය නව ඡන්ද විමසීමේ ක්‍රමයක් යටතේ පැවැත්වෙන ප්‍රථම මැතිවරණයද වෙයි.
යුරෝපයේ දුගී රාජ්‍යයක් ලෙස සැලකෙන මෝල්ඩෝවාව, බටහිර හිතවාදී සහ රුසියානු හිතවාදී ලෙස කණ්ඩායම් දෙකකට බෙදී සිටියි.
දේශපාලනික වශයෙන් බෙදීම් ඇති කරන, ඡායාරූප විකෘති කළ සහ එරට සංඛ්‍යා දත්ත සපයන ආයතන වංචා කරන බව දැක්වෙන පෝස්ට් සහිත ෆේස්බුක් ගිණුම් මෙසේ ඉවත් කර තිබේ.