මාලි රාජ්‍යයේ, මොප්ටි පළාතේ, ඔගොස්සාගෝ ගම්මානයට කඩා වැදුණු ආයුද සන්නද්ධ පිරිසක් විසින් සිදුකරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 130 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සාම්ප්‍රදායික ඩොගොන් දඩයක්කරුවන්ගේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණි ප්‍රහාරකයන්, ෆුලානි ජනවර්ගය ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. මෙම ෆුලානි ජනතාව ජාහාඩ් අන්තවාදීන් සමග සබඳතා පවත්වන බවට ඩොගොන්වරු කියති.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ තානාපතිවරුන්ද මාලි වෙත පැමිණ සිටි අතර, ඔවුන් රට තුළ උද්ගතව ඇති ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිට ඇත.
සෙනසුරාදා දිනයේදී එල්ල වූ මෙම මනුෂ්‍ය සංහාරයේදී වෙඩි තැබීමෙන් මෙන්ම, මන්නා පිහිවලින් කෙටීමෙන්ද ජීවිත හානි සිදුකර ඇති අතර, ගම්මානයේ නිවාස ගිනිබත් කර තිබූ බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.