ඉන්දියාවේ, මුම්බායි නුවර ප්‍රධාන දුම්රිය ස්ථානය ආසන්නයේ පදික පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එරට වේලාවෙන් උදෑසන 7.30ට පමණ මෙම පාලම කඩා වැටී ඇති අතර, කාර්ය බහුල එම අවස්ථාව තුළ මගීන් චත්‍රපති ෂිවාජි දුම්රිය ස්ථානය වෙත ඇතුළු වෙමින් සිට ඇත.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම අනතුරින් තවත් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
සම්පූර්ණ පාලම එක්වර කඩා වැටී ඇති අතර, සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ ඒ සමගම දැඩි දුමාරයකින් හා සුන්බුන්වලින් එම ස්ථානය වැසී ගිය බවයි.
මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිත හානි වීම සම්බන්ධයෙන් තමන් බලවත් කනගාටුවට පත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.