වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝට සහ විපක්ෂ නායක ජුආන් ගුආයිදෝට සහාය දක්වමින් දහස් ගණන් ජනයා රැගත් දැවැන්ත රැලි කර්කාස් නුවර පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසයි.
රටේ විරුද්ධ පක්ෂ බලවේගය පාරට බැස කරන මෙම අරගලය නොනවත්වා සිදුකරන බවට ගුආයිදෝ අවධාරණය කරද්දී, මදුරෝ සිය ආධාරකරුවන්ට පවසා සිටියේ තමන් රටේ එකම ජනපති බවය.
මීට පෙර පැවති දැවැන්ත රැලියකදී ගුආයිදෝ තමන් එරට නිල නොලත් ජනපති ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග ඇමෙරිකාව ප්රමුඛ රාජ්‍යයන් 20ක් පමණ ඔහු පිළිගන්නා ලදී. එහිදී, රුසියාව හා චීනය මදුරෝ වෙත සහාය දැක්වීය.
වෙනිසියුලානු ජාතික මන්ත්‍රණ සභාවේ නායකත්වය දරණ ගුආයිදෝ පවසන්නේ වත්මන් ජනපති නීත්‍යානුකූල නොවන අයුරින් බලයේ රැඳී සිටීමට කටයුතු කරන්නේ නම් තමන්ට තාවකාලිකව ජනපති ධුරය දැරීමට ව්‍යවස්ථාවෙන් අවකාශය පවතින බවයි.
වෙනිසියුලාවේ අසහාය නායකයා ලෙස ප්‍රකට වූ හියුගෝ චාවේස් ජීවිතක්ෂයට පත්වීමත් සමග බලයට පැමිණි මදුරෝ දෙවැනි වරටත් සිය පාලන කාලය දිනා ගත්තද, එම මැතිවරණය විරුද්ධ පක්ෂ වර්ජනය කිරීමක් සිදුවිය. එමෙන්ම, මහා මැතිවරණ වංචාවක් සිදුවූ බවටද චෝදනා නැගුණි.
මීට අමතරව, දිගින් දිගටම වෙනිසියුලා ආර්ථිකය වලපල්ලට ගමන් කරමින් පැවති වටපිටාව තුළ මදුරෝට එරෙහිව මෙවැනි වටපිටාවක් වෙනිසියුලාව තුළ නිර්මාණය වන්නට විය.