මැතිවරණ ව්‍යාපාරය සමයේදී එල්ල වූ පිහි ප්‍රහාරය හේතුවෙන් බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ උදරය ආශ්‍රිතව තවත් ශල්‍යකර්මයකට මුහුණ දී තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බරයේදී ජනපතිවරයා වෙත පිහි ප්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැලියකට සහභාගී වී සිටියදීය.
මෙම ශල්‍යකර්මයෙන් පසුව දින 10ක් ඇඳ විවේකයක් ගැනීමට ජනපතිවරයාට සිදුවන නිසා උප ජනපති හැමිල්ටන් මවුරෝආ එම කාලය තුළ ජනපති ධුරයේ වැඩ බලනු ඇත.
මෙම වසරේ ජනවාරි 01 වැනිදා බ්‍රසීලයේ නව ජනපතිවරයා ලෙස ඔහු සිය සේවය ඇරඹීය.
සාඕ පොලෝ නුවර වෛද්‍යවරු පවසා සිටියේ ජනපතිවරයාට සිදුකළ ශල්‍යකර්මය සඳහා පැය 9ක කාලයක් ගත වූ බවයි.
මෙම අවසන් ශල්‍යකර්මයත් සමග ඔහු සම්පූර්ණයෙන් සුව අතට පත්වනු ඇති බව වෛද්‍යවරු විශ්වාසය පළ කරති.