බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙළේ දේශපාලඥයන්, විවිධ ක්ෂේත්රයන්හි තාරකාවන් ඇතුළු අලුත් අවුරුදු ගෞරව සම්මානලාභීන්ගේ ලිපිනයන් දහසකට වැඩි ප්‍රමාණයක් රජය විසින් වැරදියට ප්‍රකාශයට පත්කර තිබේ.
එම ගොනුව එහි නිල වෙබ් අඩවියට අප්ලෝඩ් කර තිබුණත්, පසුව ඉතා ඉක්මණින් යළිත් එය ඉවත් කරගැනීමට කටයුතු කර ඇත.
බ්‍රිතාන්‍ය කැබිනට් කාර්යාලය පැවසුවේ මේ හේතුවෙන් සිත් තැවුලට පත් සියලු දෙනාගෙන් සමාව අයදින බවයි. එමෙන්ම මෙය සිදුවූයේ කෙසේදැයි සොයා බලන බවත් එම කාර්යාලය පවසයි.
මෙම ලිපිනයන් අතර ශ්‍රීමත් එල්ටන් ජෝන් සහ හිටපු ජන අභිචෝදක අධ්යක්ෂ ඇලිසන් සෝන්ඩර්ස්ගේ ලිපිනයන්ද වෙයි.
ගෞරව සම්මානලාභීන් 1,097 දෙනාගේ ලැයිස්තුවේ ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්, හිටපු කොන්සර්වේටිව් පක්ෂ නායක ඉයන් ඩන්කන් ස්මිත්, රූපවාහිනී ඉවුම් පිහුම් තරුවක වන හුසේන් සහ හිටපු ඔෆ්කොම් ප්‍රධානී ෂරොන් වයිට් වැනි ඉහළ පෙළේ නම් තිබේ.
රජයේ ප්‍රකාශකයෙකු පැවසුවේ “අලුත් අවුරුදු ගෞරව 2020 ලැයිස්තුවේ පිටපතක් වැරදියට ප්‍රකාශයට පත්කර ඇති බවයි. එමෙන්ම, එය ඉක්මණින් ඉවත් කළ බවද රජය කිය තිබේ.