බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම වෙනුවෙන් අගමැති තේරේසා මේ ගෙනා යෝජනාවලිය තෙවැනි වරටත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබේ.
ඒ අනුව, වත්මන් අගමැතිනී තේරේසා මේ රජය ඡන්ද 344ට 286ක් ලෙස ඡන්ද 58කින් මෙවර ඉදිරිපත් කළ යෝජනාවලියද පරාජයට පත්ව ඇත.
එහිදී, බ්‍රෙක්සිට් ක්‍රියාවලිය මැයි මස 22 වැනිදා දක්වා පමා කිරීමට යුරෝපා සංගමය ලබාදුන් අවසන් දිනයද මේ සමගම බ්‍රිතාන්‍ය වෙත මගහැරෙනු ඇත.
මෙම පරාජයත් සමග පාර්ලිමේන්තුව අමතමින් තේරේසා මේ කියා සිටියේ, තවදුරටත් ඉදිරියට යෑම සඳහා විකල්ප මාර්ගයක් වෙත පිවිසිය යුතු බවයි.
ඒ අනුව, ලබන අප්‍රේල් 12දා දක්වා කාලය තුළ කිසිදු ගිවිසුමකින් තොර බ්‍රෙක්සිට් ක්‍රියාවලිය නවත්වා ගැනීමට දීර්ඝ සාකච්ඡාවකට මගක් සෙවීමට තේරේසා මේ අගමැතිනියට සිදුවනු ඇත.