ලිබියාවට ඔබ්බෙන් මුහුදේදී වෙළෙඳ නැවක් විසින් බේරාගැනුණු අනවසර සංක්‍රමණිකයන් පිරිසක් එම වෙළෙඳ නැව පැහැරගෙන, මොල්ටාව දෙසට යාත්‍රා කරන ලෙස දන්වා ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේදී සංක්‍රමණිකයන් 100ක් පමණ මෙම වෙළෙඳ නැවට නංවාගෙන ඇති අතර, ඔවුන් යළි ලිබියාව වෙත පිටත් කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ඔවුන් මෙසේ අණකර ඇති බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෝල්ටා හමුදාව පවසන්නේ කිසිදු අනවසර නෞකාවකට සිය මුහුදු සීමාවට ඇතුළු වීමට අවසර නොදෙන බවයි.
මේ අතර, ඉතාලියේ නියෝජ්‍ය අගමැති සල්විනී පවසා සිටියේ මෙය මුහුදු මංකොල්ලකරුවන්ගේ ක්‍රියාවක් වැනි පැහැර ගැනීමක් බවයි.
මධ්‍යධරණී මුහුදේ සිදුකරන යුරෝපා සංගම් නාවික සෝදිසි මෙහෙයුම් අවසන් බවට නිවේදනය කරන දිනකින් පසුව මෙම සිදුවීම වාර්තා වීමද විශේෂත්වයකි.
මේ අතර, පැහැර ගැනුණු වෙළෙඳ නෞකාව මේ වනවිට තිබෙන ස්ථානය සම්බන්ධයෙන්ද පැහැදිලිතාවක් නොමැති අතර, එය බොහෝවිට ලිබියාවට ආසන්න මුහුදු සීමාවක ඇති බව විශ්වාස කෙරෙයි.