යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් තීරණය සම්බන්ධයෙන් යළිත් ජනමතවිචාරණයක් ඉල්ලා දහස් ගණන් බ්‍රිතාන්‍යයන් ලන්ඩනයේදී පාගමනක් සංවිධානය කර තිබේ.
මෙම පාගමන සංවිධානය කළ පිරිස් විසින් එය නම් කර තිබුණේ, මේ සම්බන්ධ තීරණය යළිත් ජනතාව අතට ලබාදෙන ලෙසයි.
එමෙන්ම, මිලියනයකට අධික ජනතාවක් මෙම පාගමන සඳහා එක්ව ඇති බවත්, අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට සුවිශාල රැලියක්ද සංවිධානය වී තිබුණි.
යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රිතාන්‍ය තීරණය තවදුරටත් පමා කිරීමට යුරෝපා සංගමයේ එකඟත්වය ලැබීමත් සමග මෙම පා ගමන පැවැත්වුණි.
මේ සම්බන්ධයෙන් අගමැතිනී තෙරේසා මේ ඉදිරිපත් කළ යෝජනාවලි එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූ අතර, ඇය තවත් ඡන්ද විමසීමක් බලාපොරොත්තුවෙන් සිටියි.
නමුත්, බ්‍රිතාන්‍ය ජනතාව මුලින් පැවති ජනමතවිචාරණයේදී බ්‍රෙක්සිට් වෙත සහාය පළ කළද, යළිත් එවැනි ජනමතවිචාරණයක් පැවැත්වුවහොත්, ජනතාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.