බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් යෝජනාවලියෙන් කොටසකට තෙවැනි වරටත් ඡන්ද විමසීමක් සඳහා යෑමට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැමැත්ත පළ කර තිබේ.
මෙම යෝජනාවලියේ අඩංගු අයර්ලන්තය සම්බන්ධ කාරණා, දික්කසාද නීතිය සහ ජනතා අයිතිවාසිකම් ආදිය පිළිබඳව ඡන්ද විමසීමට ඔවුන් අදහස් කරගෙන සිටියි.
කෙසේ වෙතත්, මෙසේ කොටස් වශයෙන් ගැනීම තුළ මෙම ඡන්ද විමසීම සාර්ථක ඡන්ද විමසීවක් නොවනු ඇති බවට විශ්වාස කෙරෙයි.
එහිදී, බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුව යුරෝපා සංගමය සමග බ්‍රිතාන්‍යයේ අනාගත සබඳතා ආදී කාරණා පිළිබඳ ඡන්ද විමසීමට මන්ත්‍රීවරු අදහස් නොකරති.
අගමැති තේරේසා මේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සමග මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව සිටින අතර, අවසානයේදී යෝජනාවලියක් ඇතිව හෝ නැතිව මෙම ක්‍රියාවලියට බ්‍රිතාන්‍යයට මුහුණ දීමට සිදුවනු ඇති බව ඇය කියා තිබුණි.