ඉතියෝපියානු ගුවන් අනතුර හා සම්බන්ධ පරීක්ෂණවල නවතම සාක්ෂි අනුව බෝයිං සමාගම ගෝලීයව ඇති සිය 737 මැක්ස් වර්ගයේ සියලුම ගුවන් යානා ගොඩබැස්වීමට උපදෙස් දී තිබේ.
ඇමෙරිකානු බෝයිං ගුවන් සමාගම කියා සිටියේ ඔවුන්ගේ මැක්ස් යානා 371ක් ගොඩබැස්වීමට මේ වනවිට උපදෙස් ලබාදී ඇති බවයි.
මේ අතර, ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලක මණ්ඩලය පවසා සිටියේ ඉතියෝපියාවේදී පුද්ගලයන් 157 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධ නවතම සාක්ෂි ලෙස සැටලයිට් දත්ත හා ඇසින් දුටුවන්ගේ සාක්ෂි විමසීම්වලට අනුව මෙම යානා ඇණියට තාවකාලික තහනමක් පැනවීමට තීරණය කළ බවයි.
ඒ අනුව, මීට පෙර චීනය, බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයට අයත් රටවල්, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ආදී රාජ්‍යයන් විසින් බෝයිං 737 මැක්ස් 8 යානා තාවකාලිකව භාවිතයෙන් ඉවත්කර ගොඩබැස්වීමට තීරණය කර තිබූ අතර, එම තීරණය අනුව ගිය නවතම රට බවට ඇමෙරිකාවද පත්ව සිටියි. කෙසේ වෙතත්, ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලක මණ්ඩලය මීට පෙර එකී රටවල් විසින් සිදුකළ තහනම ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම නවතම සාක්ෂි අනුව මීට පෙර පසුගිය ඔක්තෝබර් මාසයේදී කඩා වැටුණු ලයන් එයාර් ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 8 යානයද කඩා වැටීමට ආසන්න අවස්ථාවේදී පෙන්වා ඇත්තේ ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානය දැක්වූ හැසිරීම බව අනාවරණය වී ඇත.