එයාර්බස් සමාගමෙන් ඇ.ඩොලර් බිලියන 34ක් පමණ විටිනාකමින් යුත් ගුවන් යානා 300ක් මිලදී ගැනීමට චීනය ගිවිසුමකට එලැඹ තිබේ.
ඒ අනුව, යුරෝපයේ සංචාරයක නිරත වූ චීන ජනපති ෂී ජින්පිං එයාර්බස් A320 සහ A350 XWB ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
යුරෝපා එයාර්බස් සමාගමේ ප්රතිවාදියා වන ඇමෙරිකානු බෝයිං සමාගමේ 737 මැක්ස් යානා දෙකක් දරුණු මාරක අනතුරු දෙකකට ලක්වීමෙන් පසුව චීනය මෙම ගිවිසුමට එලඹීම ඇමෙරිකාවට අතුල් පහරකි. කෙසේ වෙතත්, බෝයිං 737 මැක්ස් යානා සියල්ලම මේ වනවිට ගොඩබස්වා තිබේ.
මේ අතර, එයාර්බස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, චීන ගුවන් සමාගම සඳහා A320 වර්ගයේ ගුවන් යානා 290ක් සහ A350 XWB වර්ගයේ ගුවන් යානා 10ක් වෙනුවෙන් ගිවිසුමකට එලැඹි බවය. මෙම සමස්ත ගනුදෙනුවේ වටිනාකම ඇ.ඩො.බිලියන 34ක් පමණ වන බව වාර්තාවල දැක්වේ.