බෘනායි රාජ්‍ය නව ෂරියා නීති පද්ධතියක් ක්‍රියාත්මක කරමින් සමලිංගික සේවනය සහ පරදාර සේවනය සඳහා ගල්ගසා මරා දැමීමේ නීතිය හඳුන්වා දී තිබේ.
මෙම නව නීති පද්ධතිය අද (03දා) සිට ක්‍රියාත්මක කිරීමට බෘනායි රජය කටයුතු කර ඇති අතර, එයට හොරකම් කරන්නනට එරෙහිව අත්පා කපා දැමීම ආදී දඬුවම්ද පවතින බව සඳහන් වෙයි.
කෙසේ වෙතත්, බෘනායි රාජ්‍ය ගෙන ඇති මෙම ෂරියා නීතිය ජාත්‍යන්තර ප්‍රජාව දැඩිව හෙළා දැක ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම නීති පද්ධතිය හඳුන්වා දෙමින් බෘනායි සුල්තාන් හස්සනාල් බොල්කියාහ් කියා සිටියේ රට තුළ ඉස්ලාමීය හර පද්ධතීන් හා ඉගැන්වීම බලවත්ව ක්‍රියාත්මක වනු දැකීම තමාගේ එකම අභිප්‍රාය බවයි.
මෙම නව නීති හඳුන්වාදීමට පෙරද, සමලිංගික සේවනය බෘනායි රාජ්‍ය තුළ නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් වූ අතර, එය වසර 10ක සිර දඬුවකි.