ඉරානයේ ටෙහෙරාන් නගරයේ ප්රසිද්ධ ස්ථානවල සුනඛයන් ඇවිද්දවීම තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
සුරතල් සුනඛයන් ඇති කිරීම අධෛර්යයට පත්කිරීම සඳහා මෙම නීති පැනවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව, මෝටර් රථවල සුනඛයන් නංවාගෙන ගමන් කිරීමද මෙහිදී තහනම් වන අතර, එසේ රැගෙන ගියහොත් වාහනයේ හිමිකාරීත්වයටද ගැටලු ඇතිවනු ඇති බව කියැවෙයි.
ඉස්ලාමීය සංස්කෘතියට අනුව සුනඛයා අපිරිසුදු සත්වයෙකු ලෙස සැලකෙන අතර, සුනඛයන් සුරතලයට ඇතිදැඩි කිරීම බටහිර සංස්කෘතියට යෑමක් ලෙස සැලකෙයි.