ප්රංශයේ, පැරිස් නගරයේ මහල් අටකින් යුතු ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් කුඩා බිළිඳෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම, මෙම සිද්ධියෙන් ගිනි නිවන භටයන් හය දෙනෙකු ඇතුළු තවත් 30කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම ගින්න ඇතිවීමත් සමග ඉනිමං තබා පුද්ගලයන් 50කට ආසන්න පිරිසක් බේරාගැනීමට ගිනි නිවන භටයන් සමත්ව තිබේ.
වසර ගණනාවකට පසුව පැරිස් නගරයේ ඇති වූ දරුණු ගින්නක් ලෙස මෙය සැලකෙයි.
මෙය හිතාමතා ඇති කළ ගින්නක් යැයි සැකකෙරෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.